ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

0
Covid 19 district report - ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්
කොවිඩ් ආසාදිතයන් ඊයේ (21) දිනයේදී වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රීක්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම සංඛ්‍යාව 271ක්. කොළඹ දිස්ත්‍රීක්කයෙන් ආසාදිතයන් 229 දෙනෙකු හදුනාගෙන ඇති අතර කලුතර දිස්ත්‍රීක්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 140ක්.

දිස්ත්‍රික් ලෙස රත්නපුරයෙන් 208ක්, මඩකලපුවෙන් 177ක් , පොළොන්නරුවෙන් 144ක් , පුත්තලමෙන් 118ක් , කෑගල්ලෙන් 101ක් , මහනුවරින් 103ක් ඊයේ දිනයේදී ආසාදිතයන් වාර්තා වී තිබෙනවා.

ගාල්ලෙන් 94ක් , කුරුණෑගල සහ නුවරඑළියෙන් 79 දෙනා බැගින් , යාපනයෙන් 75ක් , ත්‍රිකුණාමලයෙන් 66ක් , අනුරාධපුරයෙන් 51 ක් , මාතලේ සහ වව්නියාවෙන් 26 දෙනා බැගින් , අම්පාරෙන් 21 , කිලිනොච්චියෙන් 20 ක් ලෙසයි ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත්තේ.

එමෙන්ම හම්බන්තොටින් 19ක් , මන්නාරමෙන් 17ක් , මොණරාගලින් 14ක් , මාතරින් 13ක් , මුලතිව් සහ බදුල්ලෙන් 3 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.

විදේශයන්හී සිට පැමිණි 33 දෙනෙකුද ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් අතර වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රීයාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.