පුද්ගල දුරස්ථභාවය නැත්නම් අද සිට අත්අඩංගුවට – දිවයින පුරා විශේෂ පොලිස් කණ්ඩායම්

0
Ajith Rohana පුද්ගල දුරස්ථභාවය නැත්නම් අද සිට අත්අඩංගුවට - දිවයින පුරා විශේෂ පොලිස් කණ්ඩායම්
සංචරණ සීමා ලිහිල් කර ඇති කාලය තුල වෙළදසැල් ඇතුලු පොදු ස්ථාන වෙත ඒකරාශීවීමේදී පුද්ගල දුරස්ථභාවය තබා නොගන්නා පුද්ගලයන් අද සිට අත්අඩංගුවට ගන්නා බව පොලිසිය දැනුම් දෙනවා.

ඊයේ (21) දිනයේදීත් බොහෝ ස්ථාන ආශ්‍රීතව පුද්ගල දුරස්ථභාවය තබා නොගනිමින් මහජනතාව කටයුතු කළ ආකාරය නිරික්ෂණය වූ බැවින් මෙම තීරණය ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

සංචරණ සීමා ලිහිල් කිරීමට අදාලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති උපදෙස් නිසිපරිදි මහජනතාව අනුගමනය කරන්නේදැයි සොයාබැලීමට අද සිට දිවයිනපුරා විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා.

මේ අතර නිරෝධායන රීතින් කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

එමෙන්ම ඊයේ දිනයේදීත් නිරෝධායන රීතින් කඩකල 396 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු සංඛ්‍යාව හතලිස් එක්දහස් නවසිය දාහතරක් බවයි ඔහු කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here