සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ඊයේ දවසේ හැසිරීම ගැන සෞඛ්‍ය අංශවලින් රතු එළියක්

0
People - සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ඊයේ දවසේ හැසිරීම ගැන සෞඛ්‍ය අංශවලින් රතු එළියක්

සංචරණ සීමා ඊයේ (21) ලිහිල් කිරීමත් සමග නිවෙස්වලින් පිටතට පැමිණි ජනතාව බැංකු, උකස් මධ්‍යස්ථාන, මත්පැන් අලෙවිසල්, සිල්ලර බඩු වෙළඳසැල් සහ ආර්ථික මධ්‍යස්ථාන තුළ හා එම ස්ථාන ඉදිරිපිට සෞඛ්‍ය උපදෙස් තුට්ටුවකට නොසලකා හරිමින් හැසිරුණු බවත් මෙම තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් සංචර නීති පනවා ඇති කරගත් පාලනය ගිලිහී යන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අවධාරණය කරනවා.

සේවා ආයතන හා මහජනතාව වගකීමෙන් තොරව ක්‍රියා කිරීම පිළිබඳව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙන්ම මහනුවර, ගාල්ල, කුරුණෑගල වැනි ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇති බවද ඔහු දිනපතා පුවත්පතක් වෙත සඳහන් කර තිබෙනවා.

වෙළෙඳසල් තුළත් තුළත් ඉන් පිටතත් දක්නට ලැබුණේ හිස් ගොඩක් පමණක් බවද පෙන්වා දෙන වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සේවා සපයන ආයතන හා මහජනතාව මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගත යුතු බවද පෙන්වා දෙනවා.

ඊයේ සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙතනින් බලන්න…