ජනතාවගේ හැසිරීම ඉතා කණගාටුදායක බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයෙන් රතු එළියක්

0
Health Guide -ජනතාවගේ හැසිරීම ඉතා කණගාටුදායක බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයෙන් රතු එළියක්
සංචරණ සීමා තාවකාලිකව ඉවත් කෙරුණු අද දිනයේ මහජනතාවගේ හැසිරීම ඉතා කණගාටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ ඩෙල්ටා කොරෝනා ප්‍රබේදයේ ආසාදිතයන් පවා මෙරටින් වාර්තා වි ඇති බැවින් මහජනතාව සෑම විටම වගකිමෙන් කටයුතු කළ යුතු බවයි.

ඉදිරියේදීත් මේ ආකාරයටම ජනතාව වගකීමකින් තොරව කටයුතු කරණු ලැබුවහොත් දැඩි ව්‍යසනකාරී තත්වයකට මුහුණ දීමට සිදුවන බව ඔහු පවසනවා.

ඉදිරි දිනවලදි මෙරට කොරෝනා රෝගින් සංඛ්‍යාත්මකව අඩු වුවහොත් එය සිදු වන්නේ පරීක්ෂණ ක්‍රමවේදයේ ගැටලූවක් නිසා බවද උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.