විරෝධතාවයක් නිසා උණුසුම් වූ පිටකොටුව (VIDEO)

0
Tense situation - විරෝධතාවයක් නිසා උණුසුම් වූ පිටකොටුව (VIDEO)

කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදී සිටි විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් හා පොලිසිය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන විරෝධතාවයක් පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත්වීමත් සමගයි.

කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විරෝධතාවයේ යෙදෙනවා.

මාසයකට ආසන්න කාලයක් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද සංචාරණ සීමා ඉවත් කිරීමට සමගාමීව නිකුත් කරන ලද COVID-19 පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ අතර ඒ යටතේ මහජන රැස්වීම් තහනම් කර ඇති අවස්ථාවක මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

(newswire.lk වෙබ් අඩවිය ඇසුරිනි)