ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න

0
Litro and laugfs - ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න
ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් විසින් සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුව අද (21) පෙරවරුවේ රැස්ව තිබුණි.

ඒ අනුව එම අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට තීරණය වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට අවස්ථා කිහිපයකදී ඉල්ලීම් සිදුකර තිබුණි.