එකම කොවිඩ් ආසාදිතයෙක්වත් නැතිව ගමක් හුදෙකලා කරලා

0
Lockdown - එකම කොවිඩ් ආසාදිතයෙක්වත් නැතිව ගමක් හුදෙකලා කරලා
එකම කොවිඩ්-19න් ආසාධිතයකු නොමැතිව සිය ගම්මානය අද (21) අලුයම සිට හුදෙකලා කිරීමට පියවර ගැනීම දැඩි අසාධාරණයක් බව ඉදුරුව ගෝනගල බොල්තුඩුව ගම්වාසීහු කියති.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාකාරී මධ්‍යස්ථානය විසින් සිය ගම්මානය අද සිට හුදකලා කිරීමට පියවර ගත් බව දැනුම් දීමත් සමගම තමන් පුදුමවූ බව ඔවුහු කියති.

මීට සති කිහිපයකට උඩදී මේ ගමෙන් කොවිඩ් -19න් ආසාධිතයින් තිහකට අධික සංඛ්‍යාවක් සිටි බවත් ඒ අවස්ථාවාදී සිය ගම්මානය හුදකලා කිරීමට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද එය ඉටු නොවූ බවත් එම ගම්මු කියති.

මීට දින කිහිපයකට උඩදී සිය ගම්මානයේම අය පී.සී.ආර්. පරීක්ෂණ කළ බවත් එම පරීක්ෂණ සියල්ලම සෘණාත්මක පසුබිමක සිය ගම්මානය හුදකලා කිරීම තමන්ට සිතා ගැනීමටවත් බැරි කාරණාවක් බවත් ඔවුහු කියති.

සිය ගම්මානයේ පෙර පැවති කොවීඩ්-19න් තත්ත්වය පිළිබද වාර්තා යැවීමේ ප්‍රමාදයෙන් තමන්ගේ ගම්මානය මෙසේ හුදෙකලා කිරීම සිදුවී ඇති බව දැන ගන්නට ලැබී ඇති බවද ගම්මු කියති.

මේ සමබන්ධයෙන් ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයෙන් කල විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කීවේ මේ ගම්මානයේ කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ තවත් පහක ප්‍රතිඵල ලැබීමට නියමිත බවත් ගම්මානයේ පැවති කොවිඩ් අවදානම් තත්ත්වය උඩ තවත් පී.සී.ආර් .පරීක්ෂණයක් සිදු කොට එහි ප්‍රතිඵල මත ඉදිරි පියවර ගන්නා බවත් එම පරීක්ෂණ අද සිදු කිරීමට පියවර ගත් බවත්ය.

(ada.lk වෙබ් අඩවිය ඇසුරිනි)