සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකන බස්වලට වැඩ වරදී

0

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව සොයා බැලීමට දිවයිනේ සියලු පොලිස් ස්ථාන ද දැනුවත් කර ඇති බවය.

එමෙන්ම බස් රථ තුළ ආසන ගණනට අමතරව මගීන් ගෙන නොයන ලෙසත් වර්තමානයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් බස්රථවලින් දුර ගමන් කිරීමේදී බරපතළ තර්ජනයක් පවනිත බවත් අමාත්‍යවරයා පවසයි.

එම නිසා රියදුරන්, කොන්දොස්තරවරුන් සහ මගීන් මේ සම්බන්ධයෙන් දැඩිව අවදානය යොමුකළ යුතු බව ද අමාත්‍යරයා පැවසීය.