ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

0
coronavirus new cases - ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ
දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් 2,248 දෙනෙකු ඊයේ (19) හඳුනා ගැනුණු අතර විදේශගතව සිට පැමිණි 79 දෙනෙකු ද ඒ අතරට අයත්ය.

ගතවූ දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබේ. 

එම සංඛ්‍යාව 424ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. 

කොළඹ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 411 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 407දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ. 

මාතරින් 97ක්, කුරුණෑගලින් 95ක්, මඩකලපුවෙන් 85ක්, රත්නපුරයෙන් 75ක් සහ තවත් දිස්ත්‍රික්ක 18 කින් ආසාදිතයින් 575 දෙනෙකු වාර්තා වී තිබේ.

මෙරටින කොවිඩ් මරණ 400කට ආසන්න සංඛ්‍යාවක් ගතවූ සතියක කාලය තුළ වාර්තා වී තිබේ. 

පසුගිය 12 වනදා සිට 18 වනදා දක්වා වූ දින 07 තුළ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 398ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවල දැක්වේ. 

ඒ සමග මේ දක්වා මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 2,534 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර මෙරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 237,661 දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් 199,393 දෙනෙකු ප්‍රතිකාර හා නිරෝධායන කාලසීමා අවසන් කර ඇති නමුත් තවදුරටත් සිටින සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 35,734කි.

‍කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ (19) දිනය තුළ පුද්ගලයින් 42,496 දෙනෙකු සඳහා එන්නත් ලබාදී තිබේ. 

ඉන් පුද්ගලයින් 23,352ක් වෙත කොවිඩ් මර්දනය සඳහා වන පළමු එන්නත් මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොවිඩ් මර්දනය සඳහා වන දෙවන එන්නත් මාත්‍රාව ද ඊයේ පුද්ගලයින් 19,144 දෙනෙකු සඳහා ලබාදී තිබේ. 

පුද්ගලයින් 24 ලක්ෂ 55,180 දෙනෙකු සඳහා පළමු එන්නත් මාත්‍රාව ද පුද්ගලයින් 8 ලක්ෂ 6,252 දෙනෙකු සඳහා දෙවන එන්නත් මාත්‍රාව ද මේ වනවිට ලබාදී ඇත.

ඒ අනුව 32 ලක්ෂ 61,432 දෙනෙකු කොවිඩ් මර්දනය සඳහා වන එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙරටින් ඊයේ කොවිඩ් ආසාදිතයන් 2248 ක් – මරණ 54 ක්

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින් බලන්න…