වැඩිහිටි නිවාසයක සිටි හිමිනමක් මුගුරකින් පහරදී ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට

0
Arrest - වැඩිහිටි නිවාසයක සිටි හිමිනමක් මුගුරකින් පහරදී ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට
පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි හිමිනමක් පහරදීමකින් ඝාතනය කර තිබෙනවා.

මෙම වැඩිහිටි නිවාසය මානසික ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙන් කෙරුනු එකක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සැකකරු එම වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ජාඇල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙක් බව සඳහන්.

එම පුද්ගලයා ද මානසික ආබාධයක් හේතුවෙන් එහි නේවාසිකව සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ උදෑසන එම වැඩිහිටි නිවාසයේ ඇතිවූ සිද්ධියකදී සැකකරු මෙම හිමිනමට මුගුරකින් පහරදී ඇතැයි හෙළිවී තිබෙනවා.

සිද්ධියට අදාළව වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර අපවත්වූ ස්වාමීන් වහන්සේගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

මෙම වැඩිහිටි නිවාසයේ මානසික ආබාධ සහිත තවත් මානසික ආබාධ සහිත පුද්ගලයන් 18 දෙනෙකු සිටින බව සඳහන්.

එවැනි වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමේදී අදාළ නිර්ණායක අනුගමනය කර ඇත් ද යන්න සහ ඊට ලියාපදිංචිය ලබාගෙන ඇත් ද යන්න පිළිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම පොලිසිය සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා.