මෙරටින් ඊයේ කොවිඩ් ආසාදිතයන් 2248 ක් – මරණ 54 ක්

1
Coronavirus in sri lanka මෙරටින් ඊයේ කොවිඩ් ආසාදිතයන් 2248 ක් - මරණ 54 ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 2248 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 02 ලක්ෂ 37 දහස් 661 ක්.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 35 788 ක්.

මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව එක් ලක්ෂ 99 දහස් 393 දක්වා ඉහළ ගියා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 54 ක් ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව මෙරට මුලූ කොවිඩ් මරණ සංඛ්‍යාව 2534 දක්වා ඉහළ ගියා.

ඊයේ මරණවලින් 43 ක් වයස අවුරුදු 60 හෝ ඊට වැඩි අය වන අතර මරණ 09 ක් අවුරුදු 30 ත් 59 ත් අතර අය වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.

මරණ 02 ක් වයස අවුරුදු 30 ට අඩු අයයි.