දින 18ක් වයසැති බිළිඳෙක් කොරෝනා වැළඳී මියයයි

0
Corona death - දින 18ක් වයසැති බිළිඳෙක් කොරෝනා වැළඳී මියයයි
මිනුවන්ගොඩ ප්‍රදේශයේ දින 18ක බිළිඳෙක් උපතේදී ඇතිවූ හදවත් රෝගී තත්වයක් හේතුවෙන් පෙරේදා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී මියගොස් තිබෙනවා.

පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ එම බිළිඳාට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

ඒ අනුව බිළිඳාගේ දේහය ඊයේ (18) ආදාහනය කර තිබෙනවා.

මේ අතර ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් වාර්තා වූ දෙමටගොඩ ආරාමය ප්‍රදේශයේ අද (19) එන්නත්කරණ කටයුතු සිදු කරන බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ කියා සිටියේ.