විපක්ෂයේ විශ්වාසභංගය: ශ්‍රිලනිපයේ සහය ගම්මන්පිලට

0
Udaya gammanpila - විපක්ෂයේ විශ්වාසභංගය: ශ්‍රිලනිපයේ සහය ගම්මන්පිලට
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු  ලබන විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයකු වශයෙන් ද ,කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන්ද, කටයුතු කරන ගම්මන්පිල මහතා වෙනුවෙන් පක්ෂයක් වශයෙන් මේ මොහොතේ පෙනී සිටිය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී  ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්  ඉකුත් බ්‍රහස්පතින්දා හැන්දෑවේ හිටපු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.