ඇල්පිටියේ පාළු නිවසක පුද්ගල මළ සිරුරක්

0
Death body - ඇල්පිටියේ පාළු නිවසක පුද්ගල මළ සිරුරක්
ඇල්පිටිය, වල්අඹගල ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබී දින කිහියකට පෙර මියගිය ගොස් ඇති පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (18) දහවල් සොයාගත් බව ඇල්පිටිය පොලිසිය පවසනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 45 හැවිරිදි වියේ පසු වූ අයෙකු බවත් ඔහු දෙමව්පියන්ගෙන් වෙන්ව තනියම මෙම නිවසේ ජීවත් ඇති බවයි වාර්තා වන්නේ.

එම නිවස දෙසින් දුර්ඝන්ධයක් හමන බවට ප්‍රදේශවාසින් විසින් කරන ලද දැනුම්දීමකට අනුව කළ සොයා බැලීමේදී අදාල මළ සිරුර සොයාගැනීමට හැකිව තිබෙනවා.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර ඇල්පිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.