අද කොවිඩ් ආසාදිතයින් 2,327ක්

0
Covid 19 news cases - අද කොවිඩ් ආසාදිතයින් 2,327ක්
කොවිඩ් ආසාදනය වූ තවත් රෝගීන් 767 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,327ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 235,391ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,825ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 197,259ක් විය.

මේ අතර අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කළේය.

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව නවතම තත්ත්වය මෙතනින් බලන්න…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here