එජාප මන්ත්‍රීධූරයට රනිල්ගේ නම ගැසට් කරයි

0
Ranil wickramasinge - එජාප මන්ත්‍රීධූරයට රනිල්ගේ නම ගැසට් කරයි
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කර ගැනීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අද රැස්වූ කොමිසමේ සාමාජිකයන් විසින් එම තීරණය ගෙන ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(අ) ව්‍යවස්ථාව යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසන් සභාව අද රැස්වූ අතර ඉන්පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ බව සඳහන් වේ.

1977 වසරේ සිට 2020 වසර දක්වා අඛණ්ඩව මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු 2020 වසරේ පැවති මැතිවරණයේ දී පරාජයට පත්විය.

කෙසේවෙතත් එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබුණි.