මාව පැහැරගෙන ගියේ දේශබන්දු තෙන්නකෝන් – වේදිනිගම විමලතිස්ස හිමි (Video)

1
Wedinigama Wimalathissa Himi මාව පැහැරගෙන ගියේ දේශබන්දු තෙන්නකෝන් - වේදිනිගම විමලතිස්ස හිමි
අපේ ජනබල පක්ෂයට පසුගිය මහ මැතිවරණයේදී ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මතු වූ අර්බුදයේදී තමා පැහැර ගත්තේ, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා‍ විසින් මෙහෙයවූ කණ්ඩායමක් විසින් බව අපේ ජනබල පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි පවසනවා. අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහැරිමින් විමලතිස්ස හිමි මේ බව සඳහන් කරනවා.

මෙම පැහැර ගැනීම සිදු වූයේ ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස තුළදී බවත්, එම අවස්ථාවේදී අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක්ද එහි සිටි බවත් විමලතිස්ස හිමි පවසනවා.

තමා පැහරගෙන ගොස් ලිපි ලේඛන කිහිපයකට අත්සන් ලබා ගත් බවත්, ජීවිතාන්තය දක්වා සිරගත කරන බවට තර්ජනය කළ බවත් විමලතිස්ස හිමි සඳහන් කරනවා. රාජ්‍ය නිළධාරියෙක් ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව වැඩිදුරටත් පවසනවා.

(Lanka News Web)