ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
Covid 19 new cases yesterday - ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ
ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ අනුව ආසාදිතයින් 562ක් වාර්තා වු බවය.

ඊයේ (17) දිනයේ මෙරටින් ආසාදිතයින් 2,372ක් හඳුනාගත් අතර ඉන් 11 දෙනෙක් විදෙස්ගතව සිට පැමිණි අය වේ.

මේ අතර ඊයේ දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 455ක් වාර්තා වී තිබේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188ක්, කුරුණෑගල 234ක්, ගාල්ල 118ක්, රත්නපුර 217ක් හා මඩකලපුවෙන් ආසාදිතයින් 115ක් හඳුනාගෙන ඇත.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් අවිස්සාවෙල්ලෙන් වාර්තා වී තිබේ.  ඒ ආසාදිතයින් 95ක් ලෙසය.

මීට අමරතව කොළඹ නගර සීමාවෙන් ආසාදිතයින් 63ක්, කැස්බෑවෙන් 67ක්, පිළියන්දල 68ක්, වැලිකඩ 38ක් ලෙස වාර්තා වී ඇත.

ඊයේ ආසාදිතයින් හඳුනාගත් දිස්ත්‍රික්ක හා ප්‍රදේශ පහතින් දැක්වේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින් බලන්න…