සංචරණ සීමා ගැන ඉදිරිපත් වූ යෝජනාව

0
Police road - සංචරණ සීමා ගැන ඉදිරිපත් වූ යෝජනාව
දිවයින පුරා දැනට පනවා ඇති සංචරණ සීමා මෙම මස 28 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස වෛද්‍යවරුන් කර ඇති ඉල්ලීම කි‍්‍රයාත්මක කිරීම කෙරෙහි කොවිඞ් පාලන ජාතික කමිටුවේ බහුතරයක් එකඟතාව පළකර ඇතැයි එම කමිටුවේ සාමාජිකයෙක් පැවසු බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

සංචරණ සීමා පැනවීමෙන් පසු සිදුකළ පී. සී. ආර්. පරීක්‍ෂණ වාර්තාවන්හි ප‍්‍රතිඵල ලැබෙන්නේ ඉදිරි සතියේදී බවත් එම ප‍්‍රතිඵල අනුව සංචරණ සීමාවන් ඉවත්කර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ජනතාවට සිය එදිනෙදා කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම වඩාත් සුදුසු බවත් වෛද්‍යවරුන් විසින් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධ අවසාන තීරණය  කොවිඞ් පාලන කමිටු රැස්වීමේදී ගනු ලබන බව ද එම කමිටු සාමාජික ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන බවයි එම පුවත්පත සඳහන් කරන්නේ.