ප්‍රදේශ කිහිපයකයට වැසි ස්වල්පයක්

0
Rain - ප්‍රදේශ කිහිපයකයට වැසි ස්වල්පයක්
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී 30 – 40 පමණ වන අතර විටින් විට පැ.කි.මී 50 දක්වා වැඩිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.