PCR ප්‍රතිඵල අධ්‍යයනය කර රට විවෘත කරන්න – උපුල් රෝහණ

0
Travel restrictions PCR ප්‍රතිඵල අධ්‍යයනය කර රට විවෘත කරන්න - උපුල් රෝහණ
එළඹෙන 21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිත PCR ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් පසු සිදුකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම ඉදිරි දින කිහිපයේදී සිදු කරන අහඹු PCR ප්‍රතිඵල හරහා රටේ පවතින යථාර්තය අවබෝධ කර ගැනීමට හැකි වන බවද ඒ මහතා පැවසුවා

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා,

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරෝධායනය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා.

දැන් අපි පළමු පෙළ ආශ්‍රිතයින් දින 10කින් පසු PCR පරීක්ෂණයකට යොමු කරන්නේ නෑ.

දින 14කින් පසු ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කරනවා. නෙගටිව් නම් අපි ඔවුන්ව නිදහස් කරනවා.

මෙහි විශේෂ වාසිය වන්නේ අහඹු PCR සංඛ්‍යාව ඉහළ දැමීමට හැකි වීමයි.ඒ නිසා අපි කියන්නේ ඉදිරි සංචරණ සීමා ගැන තීරණය ඒ අධ්‍යයනයෙන් පසුව ගැනීම අවශ්‍ය බවයි.”