සංචරණ සීමා ඉදිරියේ දී ඉවත් කලත් තවත් සීමාවක් ගැන වෛද්‍ය ප්‍රධානීන්ගෙන් අනාවරණයක්

0
Travel restrictions - සංචරණ සීමා ඉවත් කලත් තවත් සීමාවක් ගැන වෛද්‍ය ප්‍රධානීන්ගෙන් අනාවරණයක්
සංචරණ සීමා ඉදිරියේ දී ඉවත් කළත් රටේ පවතින තත්ත්වය හමුවේ හදවතින් සීමා පනවාගෙන කටයුතු කිරීම සියලූ දෙනාගේ වගකීමක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.

ජනතාව කළ යුතු දේ අවබෝධ කරගෙන වගකීම තමන්ගේ අතට ගෙන නීතියෙන් සංචරණ සීමා ඉවත් කළත් කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

පවතින වසංගතය හමුවේ සියලූ දෙනා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවැරදිව කටයුතු කළහොත් පමණක් ඇතිවී තිබෙන තත්ත්වය ක‍්‍රමයෙන් පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි ද, එසේ නොමැතිව සියල්ල නීතියට භාර දී බලා සිටියහොත් කිසිසේත්ම සාර්ථක ප‍්‍රතිඵලයක් අත් නොවනු ඇති බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

එසේම තමන් වෛද්‍යවරයකු ලෙස මත්පැන් භාවිතය අනුමත නොකරන බව ද කී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ලැබී තිබෙන මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන මත්පැන්වලින් ඈත්වන ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා.