ඔන්ලයින් හරහා මත්පැන් බෙදනවාට මා තරයේ විරුද්ධයි

0
Sudarshani Fernandopulle - ඔන්ලයින් හරහා මත්පැන් බෙදනවාට මා තරයේ විරුද්ධයි
මේ වෙලාවේ මත්පැන් අත්‍යාවශ්‍ය නොවන දෙයක් බවත් ඔන්ලයින් හෝ මොන ක්‍රමයට මත්පැන් දුන්නත් තමා ඊට විරුද්ධ බව කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඊයේ (16) මාතර දී පැවසුවාය.

මාතර බෝධී ආරක්ෂක සභාව මගින් මාතර මහ රෝහලට රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා උපකරණ ප්‍රදානය කිරිමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් ඇය ඒ බව කීවාය.

මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියස දම් සභා මණ්ඩපයේ දී එම උපකරණ පරිත්‍යාග කිරීම සිදු විය.

මේ වන විට ආසාදිතයින්ගේ යම් අඩුවක් පෙන්නුම් කලද කොරෝනා මරණ සංඛ්‍යාවේ යම් ඉහල යාමක් පවතින බවත් එම තත්වය තව සති දෙක තුනක් පවතිනු ඇති බවත් ඇය ප්‍රකාශ කලාය.

විශේෂයෙන්ම ගම්මානවල නීති විරෝධී මත් පැන් ජාවාරම ඉහල ගොස් ඇති බවට පොලීසිය ප්‍රකාශ කරන බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඊට පිළියමක් ලෙස නව ක්‍රමය හදුන්වා දෙන්නට ඇති බවද කොහොම නමුත් ඊට තමා පුද්ගලිකව ද විරුද්ධ බව කීවාය.