වැඩිහිටියන් සහ පාසල් දරුවන්ගේ දෙමව්පියන් වෙත විශේෂ දැනුම්දීමක්

0
Dr. Hemantha herath - වැඩිහිටියන් සහ පාසල් දරුවන්ගේ දෙමව්පියන් වෙත විශේෂ දැනුම්දීමක්
ඕනෑම රෝගී තත්වයක සිටින වැඩිහිටියන් නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

ඇතැම් වැඩිහිටියන් කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් තම රෝගී තත්වයන්ට ප්‍රතිකාර ලබාගැනීමට මැලිවීම හමුවේ නිවෙස් තුලම මියයාම අවාසනාවන්ත තත්වයක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබද කරුණු පැහැදිලි කළේ දකුණ කොළඹ ශික්ෂණ රෝහලේ වැඩිහිටි ඒකකයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර සමරවීර මහතායි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

මේදිනවල නිවසේ සිට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමේදී දරුවන් දිගු වේලාවක් ඔන්ලයින් පංති වෙත නිරාවරණය කිරීමෙන් වළකින ලෙසයි ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේ.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ දිගු වේලාවක් අඛණ්ඩව දරුවන් සම්බන්ධ කරවීම මගින් ඉදිරියේදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවට මෙන්ම සෞඛ්‍යයටද අහිතකර බලපෑම් එල්ලවිය හැකි බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දුන්නා.