ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවියට අවසර

0
Online liquor - ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවියට අවසර
ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ප්‍රකාශ කළා.

ඒ අනුව සුපිරි වෙළඳසැල්වලින් ජනතාව භාණ්ඩ මිලදී ගන්නා ආකාරයට මත්පැන්ද මිලදී ගැනීමට අවස්ථාව සැළසෙන බවයි ඔහු කියා සිටියේ.

සංචරණ සීමා හේතුවෙන් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම මේ වනවිට තහනම් වනවා.

මේ හේතුවෙන් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සළසා දෙන ලෙස පාරිභෝගිකයන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම මත්පැන් අලෙවිසැල් වසා දමා ඇති බැවින් නීති විරෝධී මත්පැන් අලෙවිය ද ඉහල ගොස් තිබෙනවා.

මෙම තත්වයන් සැළකිල්ලට ගනිමින් සුරාබදු දෙපාර්තමේන්තුව ඔන්ලයින් හරහා මත්පැන් අලෙවි කිරීමට අදාළ යෝජනාව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබුණා.