රටට ඇත්තටම අගුළු දමලාද?

0
Travel restrictions - රටට ඇත්තටම අගුළු දමලාද?
මේ දිනවල ක්‍රියාත්මක වන්නේ රට අගුළු දැමීමක්ද නැද්ද කියන එක ගැන  සැකයක් පවතින්නේ යැයි  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී  විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

“මොකද ඒ තරමටම මිනිස්සු මහ පාරේ” යැයිද  ඇය සඳහන් කළාය.

ජනතාව අවශ්‍ය කැප කිරීම  නොකරන්නේ නම් සංචරණ සීමා අවශ්‍ය වන කාලය  තවත් දීර්ඝ විය හැකි යැයිද ඇය පෙන්වා දුන්නාය.