සංචරණ සීමා කියන්නේ දැන් විහිලුවක්

0
Upul rohana - සංචරණ සීමා කියන්නේ දැන් විහිලුවක්
කොරෝනා වසංගතය පාලනය සදහා අදවනවිට රටතුල පනවා ඇති සංචරණ සීමාවන් හාස්‍යයට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සංචරණ සීමාවන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීමේ වගකීම ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බළධාරින් විසින් භරගත යුතු බවයි මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

එළඹෙන 21 වනදා සිට රට යළි විවෘත කරන්නේනම් ඒ සදහා දැඩි කොන්දේසි පැනවිය යුතු බවද උපුල් රෝහණ මහතා අවධාරණය කළා.