ඔන්ලයින් මත්පැන් යෝජනාවට කිසිසේත් ඉඩ නොදිය යුතුයි

0
Omalpe sobitha himi - ඔන්ලයින් මත්පැන් යෝජනාවට කිසිසේත් ඉඩ නොදිය යුතුයි
ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පාරිභෝගිකයන්ට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ආදායම ඉහළ නංවා ගැනීමට බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරනවා.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් කියාසිටියේ කොවිඩ් වසංගත තත්වය හමුවේ සුරාබදු දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් අදූරදර්ශී ලෙස ක්‍රියා කිරීම කණගාටුවට කරුණක් බවයි.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කර ඇති මෙම ඉල්ලීම සදහා කිසිසේත් ඉඩ නොදිය යුතු බවත් එය ප්‍රතික්ෂේප කල යුතු බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කළා.