වී ‌වේලන මැෂිමක් යකඩවලට විකිණූ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

0
Arrest - කිලෝ 2220ක වී ‌වේලන මැෂිමක් යකඩවලට විකිණූ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට
කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2220ක බර වී ‌වේලන මැෂිමක් යකඩ බඩු කඩයකට විකුණීමේ සිද්ධියකට අදාළ කොළොන්නාව නගර සභාවේ මන්තී‍්‍රවරුන් දෙදෙනෙක් වැල්ලම්පිටිය පොලිසීය අද අත්අඩංගුවට ගත්තේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරුන් වන සුදත් සේනක සහ ජානක නාවුල්ල යන මන්තී‍්‍රවරුන් දෙදෙනා ය.

මෙම සැකකරුවන් දෙදෙනා නිතීඥවරුන් මාර්ගයෙන් වැල්ලම්පිටිය පොලීසියට භාරවීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

(mawratanews.lk වෙබ් අඩවිය ඇසුරිනි)