ඉහළ දැමූ ඉන්ධන මිලට සහනයක් දිය නොහැකි බව ඇමති ගම්මන්පිල කියයි (වීඩියෝ)

0
Udaya gammanpila - ඉහළ දැමූ ඉන්ධන මිලට සහනයක් දිය නොහැකි බව ඇමති ගම්මන්පිල කියයි (වීඩියෝ)
ඉහළ දැමූ ඉන්ධන මිලට සහනයක් දිය නොහැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ මිල ඉහළ දැමීම නිසා පීඩාවට පත්ව සිටින ඇතැම් කණ්ඩායම්වලට සහන ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් සාකච්ඡා නොවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බහලුම් ප්‍රවාහකයන්ගේ සංගමය සඳහන් කළේ තමන්ට සහනාධාරයක් ලබා නොදුනහොත් ලබන මස 1 වනදා සිට බහලුම් ප්‍රවාහනය කිරීමේදී අය කෙරෙන ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට අපේක්ෂා කරන බවයි.