එකම පවුලේ අම්මයි,තාත්තයි,දුවයි කොරෝනාවට බිලි – දියණියට වයස 22යි

0
Covid deaths - එකම පවුලේ අම්මයි,තාත්තයි,දුවයි කොරෝනාවට බිලි - දියණියට වයස 22යි
කොරෝනා ආසාදිත වී පස්සර බිබිල පාර 13 කණුව ප්‍රදේශයේ එකම පවුලක මව, පියා,දියණිය බදුල්ල මහ රෝහලේ දී මිය ගොස් ඇතැයි බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පලාත් සම්බන්දීකාරක වෛද්‍ය  පාලිත රාජපක්ෂ මහතා අද (15) පැවසීය.

අද (15) බදුල්ල මහ රෝහලේ දී 71 හැවිරිදි පියා මියගිය බවත් , මීට දින කීපයකට ඉහතදී  22 හැවිරිදි දියණිය සහ 72 හැවිරිදි මව මෙසේ කෝවිඩ් 19 ආසාදිත වී මියගිය බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

විශේෂයෙන් කෝවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නිරතුරුවම නිසිපිරිදි පිළිපදින ලෙසටත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.