21න් පසුවත් සංචරණ සීමා දීර්ඝ කරන්න සාධාරණ හේතු කියන්න – යුද හමුදාපති සෞඛ්‍ය අංශවලට දන්වයි

0
Genaral Shavendra Silva - 21න් පසුවත් සංචරණ සීමා දීර්ඝ කරන්න සාධාරණ හේතු කියන්න – යුද හමුදාපති සෞඛ්‍ය අංශවලට දන්වයි
එළැඹෙන 21 වැනිදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ කළ යුතු බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නම් ඊට සාධාරණ හේතු ඉදිරිපත් කරන ලෙස කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර තිබෙන බව ‘අරුණ’ පුවත්පත වාර්තා කර සිටිනවා.

එළැඹෙන 21 වැනිදායින් පසුවත් සංචරණ සීමා දික්කිරීමට බලාපොරොත්තු වනවා නම් සමාජයේ කොවිඩ් ව්‍යාප්තියක් හෝ මරණ සංඛ්‍යාවේ වැඩිවීම ගැන පැහැදිලි අර්ථ කථනයක් ලබාදිය යුතු බව කොවිඩ් කමිටුවේදී අවධාරණය කර ඇත්තේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධානින්, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානින් සමග පැවැති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කර තිබේ.

නිරෝධායනය අවසන් කර සමාජගත කෙරෙන පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට කරන පී.සී.ආර්. පරීක්ෂණ මගින් දැනට ආසාදිත සංඛ්‍යාව වැඩිවී ඇති නමුත් සමාජයේ ව්‍යාප්තියක් නොවන බවට තහවුරු වී ඇති බවත් මෙහිදී පෙන්වා දී ඇත. කොවිඩ් මරණවල පී.සී.ආර්. පරීක්ෂණ නිසි වේලාවට ලබානොදීමත් සමාජ ව්‍යාප්තිය ගැනත් සංඛ්‍යා ලේඛන මගින් තීරණ ගත නොහැකි බවයි අවධාරණය කර තිබේ.

පසුගිය සඳුදා (14) සිට අඩුම තරමින් තවත් සති දෙකක්වත් රට වසා තැබීමෙන් කොවිඩ් වසංගතය පැතිරීම කළමනාකරණය කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යළිත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

( උපුටා ගැනීම : අරුණ පුවත්පත)