පාන් පිටි 3.50කින් ඉහළට

0
Wheat flour - පාන් පිටි 3.50කින් ඉහළට
ප්‍රිමා සමාගම පාන් නිෂ්පාදන සදහා භාවිතා කරන ලබන (මිල්ක් බ්‍රැන්ඩ්) පාන් පිටි කිලෝ එකක මිල රු 3.50 කින් අද දින සිට වැඩි කර ඇති බව ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.

ප්‍රිමා සමාගම  මිල්ක් බ්‍රැන්ඩ් කිලෝ 50 ක් සහිත පිටි මිටියක් රු හාරදහසකට අලෙවි කල අතර , නව මිල වැඩි කිරිමත් සමග පිටි කිලෝ 50 ක් රු 4175 දක්වා ඉහල යන බව ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් පවසති.

ප්‍රිමා තිරිගු පිටි සමාගම විසින් රොටි සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක් පසුගිය දා රු 4 කින්ද වැඩි කරනු ලැබුහ.

පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක මිල වැඩි කිරිමත් සමග බේකරි නිෂ්පාදන වලද මිල දැමිමට සිදු වන බවද බේකරි නිෂ්පාදකයින් කියා සිටිති.