ඉන්ධන මිළ ගැන කැබිනෙට්ටුවේදී කථා නෑ

0
SM Chandrasena - ඉන්ධන මිළ ගැන කැබිනෙට්ටුවේදී කථා නෑ
ඉන්ධන මිළ සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ රැස්වු කැබිනට් මණ්ඩලයේදි කිසිදු සාකච්ඡාවක් සිදු නොවු බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් රැස්විමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

සෞඛ්‍ය සේවකයන්ගේ අතීකාල දීමනා ඉහල නැංවීම / සෞඛ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කාලය ඉහල නැංවිම ඇතුලූ තීන්දු තීරණ කිහිපයක් සදහාද කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවු බවයි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සදහන් කළේ.

මේ අතර බස් ගාස්තු ඉහල නැංවිමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයිද ඔහු අවධාරණය කළා.

ප්‍රදේශ කිහිපයක ගොවින්ට හටගෙන ඇති පොහොර හිගය සම්බන්ධයෙන්ද අවදානය යොමු කෙරුණු බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.