තවත් කොවිඩ් මරණ 67ක්

0
covid deaths - තවත් කොවිඩ් මරණ 67ක්
පසුගිය සෙනසුරාදා දිනයට අදාළව කොවිඩ් මරණ 67ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව හෙළිකළේ අද සවස පැවති මාධ්‍ය හමුවකදීයි.

කෙසේ වෙතත් ඊයේ දිනයටකොවිඩ් 19 මරණ සම්බන්ධව නිකුත් කළ වාර්තාවේ දැක්වුණේ 12 වනදාට අදාලව මරණ කිසිවක් සිදුව නොමැති බවයි.

මේ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මෙම හෙළිදරව්වත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2203 ක් දක්වා ඉහළ යනු ඇති.

කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියා සිටියේ මින් ඉදිරියට කොවිඩ් 19 මරණ සම්බන්ධයෙන් වාර්තා නිකුත් කරනුයේ පැය 48කට වරක් පමණක් බවයි.

ඒ අනුව මේ වනවිට සිදුව ඇති ලුහු ගණනයන් මගහරවා ගතහැකි බවටත් ඔහු විශ්වාසය පළකලා.

කොවිඩ් 19 මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් අද සිට සිදුවෙනවා.

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්..