ඉන්දියාවේ සිට ලංකාවට එන්න රුපියල් 30,000යි

1

පසුගියදා ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ කාන්තාවන් දෙදෙනෙකු සෞඛ්‍ය අංශ විසින් දින කිහිපයකදී සොයාගෙන නිරෝධානයට යොමු කර තිබුණා.

එහිදී එක් කාන්තාවක් පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ඇගේ දරු දෙදෙනාද සමඟින් සොයාගත් අතර අතුරුදන්ව සිටි අනෙක් කාන්තාව පෙරේදා (01) රාත්‍රියේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී සොයා ගැණුනා.‍

අදාළ කාන්තාව පවසන පරිදි ඇය ඉන්දියාවට ගොස් ඇත්තේ තම දරුවෙකුගේ භාරයක් සඳහායි.

ගුවනින් ඉන්දියාවට ගොස් ඇති ඇයට කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ සිට නැවත ශ්‍රි ලංකාවට පැමිණීමට හැකියාව ලැබී නැහැ‍.

අවුරුද්දක සහ මාස 04 ක කාලයක් ඉන්දියාව තුළ සිරව සිටි බවයි ඇය තවදුරටත් පවසන්නේ.

මේ අතර ඇයට හමුවූ ඉන්දියානු ජාතිකයෙකු පවසා ඇත්තේ ශ්‍රි ලංකාවට බෝට්ටුවෙන් ගිය හැකි බවත් ඒ සඳහා රු 50,000ක මුදලක් ලබාදෙන ලෙසත්ය.

කෙසේ වුවද අදාළ කාන්තාවට රු 50,000ක මුදලක් ලබා දීමට නොහැකි බව පවසා ඇති අතර පසුව එම ගණන රු 30,000 දක්වා අඩු කර ශ්‍රි ලංකාවට ‌බෝට්ටුව මඟින් රැගෙනවිත් තිබෙනවා.
ඇගේ කතාව පහතින් නැරඹිය හැකියි.