විහිළු සැපයීම නවත්වා වහාම තෙල් මිල පහත දමන්න – විපක්ෂ නායක

0
Sajith premadasa - විහිළු සැපයීම නවත්වා වහා ම තෙල් මිල පහත දමන්න – විපක්ෂ නායක
විහිළු සැපයීම නවත්වා තෙල් මිල වහා පහත දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට තෙල් මිල ඉහළ නැංවූ බවට ආණ්ඩුව ඉදිරිපත්කරන අවිචාරවත් තර්කය පිළිගත නොහැකි බව ද විපක්ෂනායකවරයාගේ සිය නිවේදනය මගින් අවධාරණය කර සිටී.

දේශීය ආර්ථිකය නැංවීමට නම් ඛනිජ තෙල් සඳහා විකල්පයක් තිබිය යුතුයි.

එසේ නොකොට මිල ඉහළ දැමීම දේශීය නිෂ්පාදන තවදුරටත් අඩාල වීමට හේතු වන බවටත් පොහොර තහනම් කොට ආණ්ඩුව ගොවි ජනතාව කබලෙන් ළිපට දැමූ ආකාරයෙන්ම රටම වළ පල්ලට නොයවන ලෙසටත් විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කරයි.