කොවිඩ් මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

0
Covid deaths - කොවිඩ් මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්
මින් ඉදිරිය කොවිඩ් මරණ වාර්තා කිරීමේදී පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේ දී වාර්තා කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මීට ප්‍රථමව වාර්තා කළ පසුගිය දිනවල සිදුවූ මරණ මෙම නව ක්‍රමවේදය යටතේ වාර්තා නොකරණු ඇත.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

“මීට ප්‍රථම අපි විසින් දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ පසුගිය දිනවල මරණ ඇතුළුව සමස්ථ මරණ. නමුත් අපි අද දින සිට කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කරනු ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදුවෙන මරණ සියල්ලම ඒ දිනයේදී වාර්තා වන ලෙසයි. ඒ අනුව දිනයක් ඇතුළත සිදුවෙන සියලුම මරණ වාර්තා කරන්න අපි දැන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒ අනුව පැය 48ත් පැය 24ත් තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේදී අපි වාර්තා කරන්න කටයුතු කරනවා.”