අද සිට තවත් සති දෙකක් රට වහන්න – ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය

0
Travel restrictions - අද සිට තවත් සති දෙකක් රට වහන්න - ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය
පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ අද (14 දා) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.

දිනපතා වාර්තාවන ආසාදිත සංඛ්‍යාව ඉහළ යෑම හා කොවිඞ් මරණ සංඛ්‍යාවද සැලකිල්ලට ගනිමින් එම සංගමය ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබේ.

මේ අතර ඊයේ (13 දා) කොවිඞ් ආසාදිතයන් 2031 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් ගණන 1,88,547 ක් දක්වා ඉහළ නැඟ තිබේ.

එමෙන්ම ඊයේ කොවිඞ් ආසාදිතයන් 1886 දෙනකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ

අනුව කොවිඞ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,23,163 දක්වා ඉහළ නැඟ ඇත.

මේ අතර කොවිඞ් ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ 63 ක් පෙරේදා (12 දා) රාති‍්‍රයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ජනරාල්වරයා තහවුරු කළේය.

ඒ සමග මෙරටින් වාර්තා වන මුළු කොවිඞ් මරණ සංඛ්‍යාව 2136 දක්වා ඉහළ නැඟ තිබේ.

මෙම මරණ මැයි 23 වැනිදා සිට ජුනි 11 වැනිදා දක්වා කාලය තුළ සිදුවූ කොවිඞ් මරණ වේ.

මියගිය අය අතර කාන්තාවන් 30 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 33 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 7 දෙනකු නිවසේදී මියගොස් ඇති අතර තවත් 9 දෙනකු රෝහල්ගත කරන විට මියගොස් තිබේ.

මෙම මරණවලට හේතුවී ඇත්තේ නිධන්ගත රෝග සහ කොවිඞ් නියුමෝනියා තත්ත්වය වේ.