ඉන්ධන මිල ඉහළ දැම්මේ වෙනත් විකල්පයක් නැති නිසා – අගමැති

0
Mahinda rajapaksa - ඉන්ධන මිල ඉහළ දැම්මේ වෙනත් විකල්පයක් නැති නිසා - අගමැති
ඛනිජ තෙල් සංස්ථාව පාඩු පිට පාඩු ලබමින් ඉන්ධන මිල ඉහළ නොදමා මෙතෙක් කාලයක් පවත්වාගෙන ආ බවත් තත්ත්වය අසීරුවීම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ බවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළ බව “දිවයින” පුවත්පත වාර්තා කරයි.

මෙය තාවකාලික පියවරක් බවත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත ගිය වහාම ශ‍්‍රී ලංකාවේද ඉන්ධන මිල පහත දමන බවත් අගමැතිවරයා සඳහන් කර ඇත.

ශ‍්‍රී ලංකාවේ ජනතාව මුහුණ පා ඇති තත්ත්වය ගැන තමා හොඳින් දන්නා බව සඳහන් කර ඇති අගමැතිවරයා මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමුවේ වෙනත් විකල්පයක් නැති නිසා යැයිද පවසා ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්වරයා ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව නිකුත් කර ඇති නිවේදනය ගැන විමසූවිට අගමැතිවරයා පවස ඇත්තෙ ඕනෑම කෙනකුට අදහස් පළකිරීමේ අයිතියක් ඇති බවත් එනිසා එය ප‍්‍රශ්නයක් බවට පත්කර නොගන්නා ලෙසය.

divaina.lk වෙබ් අඩවිය ඇසුරිනි