සැප වාහන එපා – ඒ මුදලින් එන්නත් ගෙන්වන්න

0
Sajith premadasa - සැප වාහන එපා - ඒ මුදලින් එන්නත් ගෙන්වන්න
බදු ගෙවන්නන්ගේ මුදලින් මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වු රජයේ යෝජනාව සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

රට තුළ පවත්නා මෙම සීමිත අරමුදල් සියලූ ශ්‍රී ලාංකිකයන් වෙත එන්නත් ලබාදීම සඳහා උපයෝගී කරගන්නා ලෙස රජයට බල කරන බවයි ඔහු කියා සිටියේ.

දේශපාලනඥයන්ගේ ජීවිත සුඛිත මුදිත කරනු පිණිස මහජන සම්පත් යොදාගැනීම සමගි ජන බලවේගය කිසිදිනක අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලා.

ඒ වෙනුවට එම සම්පත් ආයෝජනය කළයුතු වන්නේ සමෘද්ධිමත් හා සංවර්ධිත මව්බිමක් ප්‍රවර්ධනය කරනු උදෙසා බවයි සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ.