Whatsapp හරහා කොරෝනා සොයාගත හැකි ක්‍රමයක් සොයාගැනේ.

0
Whatsapp හරහා කොරෝනා

ඉංදියානු රජය PCR පරීක්ෂණ නොමැති ප්‍රදේශවල නොමිලේ COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා WhatsApp ඔස්සේ X-ray Setu (එක්ස්-රේ සෙටු) දියත් කරයි. ඒ අනුව මින් ඉදිරියට ඉන්දියානු රජය whatsapp හරහා කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සොයා ඈත දුශ්කර නිවෙස් වලටම යනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා කුඩා නගරවල PCR පහසුකම් නැති පලපුරුදු වෛද්‍යවරුන් 10,000 ක් සම්බන්ධ කර ගැනීමට ඉංදීය රජය සැලසුම් කරයි.

රජය විසින් කෘතිම බුද්ධිය (AI – Artificial Intelligence) පදනම් කරගත් එක්ස්-රේ සෙටු හඳුන්වා දී ඇති අතර එය වට්ස්ඇප් හරහා ක්‍රියාත්මක කළ හැකිය.

පසුගිය මාස 10 තුළ ARTPARK, Niramai Health සහ ඉන්දියානු විද්‍යා ආයතනයේ AI පර්යේෂකයන්ගේ සමීප සහයෝගීතාවයෙන් නිර්මාණය කරන ලද Xray-setu කාර්යබහුල වෛද්‍යවරුන්ට භාවිතා කිරීමට ඉක්මන් හා සරල ක්‍රියාවලියක්ය.

මේ සඳහා දැනට කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. “ඉදිරි දින 15 තුළ Xray-Setu උත්තේජනය කිරීම පිළිබඳ පුහුණුව ලත් වෛද්‍යවරුන් 10,000 කගේ ශක්තිමත් ජාලයක් ඇති කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එමඟින් තුන්වන COVID රැල්ල පැමිණෙන විට ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍යවරුන් වෙත ළඟා විය හැකි විසඳුම් සමඟ අපි සූදානම්” යැයි ආර්ට්පාර්ක් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී උමාකාන්ත් සෝනි පැවසීය. පසුගිය සතියක කාලය තුළ මෙම තාක්‍ෂණය ක්‍රියාත්මක වන බවත් වෛද්‍යවරුන් 500 ක් පමණ එය භාවිතා කර ඇති බවත් ඔහු අනාවරණය කළේය.

( indiatoday වෙබ් අඩවිය ඇසුරිනි )

( කොව්ඩි පැතිරීම වලක්වාගන්න කලයුතු යහපත් පුරුදු 5 ක්. අපගේ පෙර ලිපිය.