ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව

0

මේ දක්වා මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (03) වාර්තා විය.

ඒ අනුව විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනා ගත් ආසාදිතයින් 48 දෙනා ද ඇතුළුව දෛනික සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූයේ, 1891 ක් ලෙසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් ම ඊයේ ආසාදිතයින් වාර්තා වී ඇති අතර හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 387 කි.

ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 330 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 297 දෙනෙකු වාර්තා වී තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 102 කි.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 111,753 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව13,815කි.

සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 97,847  කි.

පසුගිය පැය 24 තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 9 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව ද 696 ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වී තිබුණේ, කැබිතිගොල්ලෑව, බණ්ඩාරගම, පොළොන්නරුව, ලෙවුල , මාලඹේ, තැන්නේකුඹුර, මත්තේගොඩ කන්තලේ සහ වරාකාමුර යන ප්‍රදේශවලිනි.

අද (3) වනවිට ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 109ක් තුළ පුද්ගලයින් 11,067 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටිති.