පොහොට්ටු ලේකම්ගේ ප්‍රකාශය සාහසිකයි – වාසුදේව

0
Vasudeva nanayakkara - පොහොට්ටු ලේකම්ගේ ප්‍රකාශය සාහසිකයි - වාසුදේව
ඉන්ධන මිල ඉහළ දැමීමේ වගකීම භාරගෙන අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා කළ ප්‍රකාශය සාහසික ප්‍රකාශයක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනුයි වාසුදේව නානායක්කාර මහතා මේ බව කියා සිටියේ.

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිවසේදීයි අද මෙම සාකච්ඡාව පැවැත්වුනේ.

සාකච්ඡාවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ තමන් ඇතුලූ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටින බවයි.