දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

0

වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත පොලිස් බල ප්‍රදේශයේ රත්මැටිය ග්‍රාම නිලධාරී කොට්ඨාශය,

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පිංවත්ත නාරංපිටිය, පිංවත්ත බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශය, බණ්ඩාරගම, බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශය,

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක උක්ගල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශය, මඩකලපුව දිස්ත්‍රික්කයේ මුන්මු‌නෙයි උතුර පොලිස් බල ප්‍රදේශයේ තිස්ස වීරසිංහම් චතුරස්‍රයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශය,
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ අල්විස් වත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාශය හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.