බියගම එකම පවුලේ මව පියා හා පුතා කොවිඩ් මාරයාට බිලි

0
Covid deaths - බියගම එකම මව, පියා හා පුතා කොවිඩ් මාරයාට බිලි
බියගම ගෝනවල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත. බියගම සෞඛ්‍යය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවැසුවේ ගෝනවල ප්‍රදේශයේ නිවසක ගෘහ මුලිකයා වු පියා (51) ජුනි මස 01 දා කොවිඩ් ආසාදිතව රාගම රෝහලේදී මිය ගිය බවයි.

එම ඔහුගේ පියා (71) කොවිඩ් ආසාදිතව ඉකුත් (04) දා එම රෝහලේදීමද එම නිවසේ ඔහුගේ මව (69) කොවිඩ් ආසාදිතව නිවසේදීද මියගොස් තිබේ.

මේ වනවිට එම නිවසේ සාමාජිකයන් හතර දෙනෙකු සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නිරෝධායනයට යොමුකර තිබේ.

බියගම සෞඛ්‍යය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ කොවිඩ් 19 ආසාදිතයින් 4200 ක් වාර්තා වන අතර ඉන් 3000 කට වැඩි පිරිසක් සුව වී තිබේ.