ගෑස් මිල සම්බන්ධයෙන් තීරණය හෙට

0
Gas - ගෑස් මිල සම්බන්ධයෙන් තීරණය හෙට
ගෑස් මිල සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව හෙට (14) රැස් වනවා.

එහිදී ගෑස් මිල සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කරන බවයි වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කලේ.

ඉන්ධන මිල සංශෝධනය කිරීමට අනුමැතිය දුන් පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමටද අනුමැතිය දිය යුතු බවයි ගෑස් සමාගම් අවධාරණය කරන්නේ.

ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 500 ත් 700 ත් අතර මිළකින් වැඩි කල යුතු බවට ඔවුන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.