දක්ෂිණ අධිවේගයේ පිවිසුම් 04 ක සේවක පිරිසකට කොරෝනා

0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව, අතුරුගිරිය,කොතලාවල සහ කඩුවෙල යන පිවිසුම් මාර්ගවල සේවකයන් පිරිසකට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය පවසනවා.

මේ හේතුවෙන් මත්තල සිට කටුනායක දක්වා ගමන්ගන්නා සියලුම රථවාහන අද (03) කහතුඩුව පිවිසුමෙන් බැහැර විය යුතු බවයි දක්ෂිණ අධිවේගී මාර්ග පාලක මැදිරිය පවසන්නේ.

ඒ අනුව කහතුඩුව පිවිසුමෙන් මුදල් ගෙවා අධිවේගී මාර්ගයෙන් ඉවත් වන රියැදුරන්ට නැවත කහතුඩුවෙන්ම අධිවේගී මාර්ගයට පිවිසී ඉතිරි දුර ප්‍රමාණය ධාවනය කළ හැකි වනවා.

කෙසේ වෙතත් කොට්ටාව, අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල පිවිසුම් වලින් තවදුරටත් මුදල් අයකිරිමක් සිදුනොවන බවයි එම පාලක මැදිරිය පවසන්නේ.