එකම පවුලේ 17කට කොවිඩ්

0
Coronavirus new cases - එකම පවුලේ 17කට කොවිඩ්
කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් කොටගල ෆොරස්ට්වික් වතුයායේ එකම පවුලකට අයත් 17 දෙනකු ඇතුළු 19 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට අලුතින් හදුනා ගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

ගිය දිනක මෙම වතුයායේ පුද්ගලයකු රෝගාතුරවි නිවස තුල මිය ගිය බවත් පසුව එම මළ සිරුර පිළිබදව පරික්ෂා කිරිමේදි ඔහු කොව්ඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් පසු එම පුද්ගලයාගේ පවුලේ ඥාතින් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරීමෙන් පසු  එම වාර්තා මත එම පවුලේ 17 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

එමෙන්ම කොටගල ප්‍රදේශයේ තවත් දෙදෙනකු කොවිඩ් ආසාදනය විමෙන් දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ ප්‍රථිකාර ලබන බවත් මෙම අයගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා  බවද  සෞඛ්‍ය අංශය කියයි.