බීමතින් තරුණියකට ‘අයුතු බලපෑම් කළ ක්‍රිකට් තරුවට’ බලධාරීන් කළ දේ

0

දකුණු පළාතේ හෝටලයක පසුගියදා පැවැති උත්සවයකදී බීමතින් තරුණියකට අයුතු බලපෑමක් කරමින් ගැටුමක් ඇතිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා කිසිදු දඬුවමක් ලබා නොදී මුදාහැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කළ විමර්ශන කමිටුව තීරණය කර ඇති බව පුවත්පත් වාර්තාකර තිබෙනවා.

ඒ අනුව මෙම ක්‍රීඩකයා එම උත්සවය අතරතුර බීමතින් තරුණියකට අනවශ්‍ය අයුරින් බලපෑමක් කිරීමට උත්සාහ කර ඇති පසුබිමක මෙවන් තීරණයට එළැඹීම විමතියට කරුණක් බවයි පුවත්පත් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්වාධීන නීතිඥවරයකුගේ ප්‍රධානත්වයෙන් තුන් දෙනකුගෙන් යුත් මෙම විමර්ශන කමිටුවක් පත්කළ අතර, එම විමර්ශන කමිටුව විසින් චෝදනාවට ලක්ව ඇති මෙම ක්‍රිකට් ක්‍රීඩකයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සෑහීමට පත්ව නොමැත.

එහිදී ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ මෙම ක්‍රීඩකයාගේ ක්‍රියාකලාපය වෘත්තීයමය නොවන බවත්, ජාතික ක්‍රීඩකයකු අපේක්‍ෂා කරන ලක්‍ෂණ නොමැති බවත්ය. එබැවින් විමර්ශන කමිටුව විසින් කරන ලද සොයා ගැනීම් හා නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව විසින් අවංක භාවය, සදාචාරය, සාධාරණ ක්‍රීඩාව සහ ක්‍රීඩාශීලීත්වය යන ප්‍රමීතීන් උල්ලංඝනය වන කිසිදු හැසිරීමක් සිදු නොකරන ලෙස මෙම ක්‍රීඩකයාට අවවාද කර තිබෙනවා.

තවද වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නම් කරන ලද වෛද්‍යවරයකු විසින් පවත්වනු ලබන උපදේශ සැසිවාරවලට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙසද එම විමර්ශන කමිටුව විසින් අදාළ ක්‍රීඩකයාට නියම කර ඇති ඉහළම දඬුවම වී තිබීමද විශේෂත්වයකි.